අපිත් කූරිය ගහන්ව දවසක!
Posted by කාලකණ්ණියා on March 4, 2009
දැන් අපේ අම්මයි ආත්තම්මයි උඩට ඇවිත් පාර බලන් ඉන්නව කොක්කු වගෙ බෙල්ල දික් කරගෙන..මට මේක පැණයක්! මමත් ඔහොම පාර දිහා බලන් ඉන්න එක පුදුමයක් නෙවෙයි ඉස්කෝලෙ අරෙන වෙලාවට..ඒත් මේයාල මොකද්ද නටන්න හදන නාඩගම??මෙක මට ඉවසන්න බෑ..මම අහුව ඇයි මේ කියල..අපේ පාරේ අන්කල් කෙනෙක් මැරිල දැන් මිනිය අරන් යනවලු..මට කලකිරුන මගේ සමාජ අද්යන දැනුම ගැන..අපේ පාරේ පොරක් මැරිල මටත් හොරෙන්! මම ලෝකෙම විස්තර බලනව මහ ලොකු අන්තර් ජාලයෙන්..ඒ උනාට අපේ පාරේ විස්තර දන්නෙ නෑ..
හ්ම්ම්ම්…මැරිල තියෙන්නෙ මම දන්න අන්කල් කෙනෙක්..මට “මතකයි ඊයේ පෙරේදත් ඒ අන්කල් පාන් ගේන්න යද්දි දැක්ක” කියල,මම ඒක අම්මට කිව්වම අම්ම හක හක ගාල දෙකොනෙන් හිනා වෙන්න ගත්ත..ඒ අන්කල් මැරිල දවස් 4ක් වෙනවලු..රට ඉදල පුතෙක් එනකන්ලු මෙච්ච‍්ර දවස් මිණිය තියාගෙන ඉදල තියෙන්නෙ..අපොයි..මගෙ මැෂිමෙ වේලාව අඩුවෙන් යන නිසා මගේ මොලෙත් ඒ අනුව හැඩ ගැහිලද මන්ද!
කොහොම උනත් අපි හැමෝම මැරෙනව..වෙන එකක් තියා ළගදි අපේ බල්ලත් මළා..මමත් ඒහෙම මැරේයි දවසක,එතකම් ජීවත් වේන්න තමයි අපි මේ දගලන්නේ..අපි මැරුණට පස්සෙ කළ පව් පිං අනුව කොහේ හරි ඉපදෙනවලු..මනුස්ස ලෝකෙ විතරක් නෙවෙයි ඉපදෙන්න තව ලෝක බර ගානක් තියෙනවලු නෙ..ඒවයෙ අවුරුද්දක් අපේ අවුරුදු 100ක ට විතර සමානයි ලු..හොද උනත් න‍්රක උනත් ඒ ලෝක වලට ගන්න පරීක්ෂනේ තමයි මනුස්ස ලෝකෙදි තියෙන්නෙ මම හිතන විදියට,(හරියට කොච්චර නරක උනත් කැම්ප්ස් එකට ගන්න පරීක්ෂනෙ A/L වගේ)..අපි ගන්න ළකුනු වලට වෙන්න ඕන පින් කියන්නේ…
ඒත් ඉතින් ඒ ලකුණු ගන්නත් ජීවත් වෙලා ඉන්න එපයි….ජීවත් වෙන්න සල්ලි ඔන,සල්ලි හොයන්න රස්සාවක් ඕන..ඔව මේව මතක් වෙලා මම කාලයක් භාවනා ක‍්රන්න පටන් ගත්ත,ඒත් ඒ උත්සාහය ලත් තැනම ලොප් උනා…මගෙ කෙල්ල/පෙම්+වතිය ඒක්ක එව කොරන්න අමාරුයි..එයාට මම මේ බර බර ටෝක් දාන්න ගත්තම අඩන්න පටන් ගන්නව!
එයා ගැනත් කියන්න ඔන ඔයාලට..ඒත් ඒක පස්සට තියන්නම්..දැන් එයාට SMS කොටන වෙලාව,මේක ලිවිල්ල කෙසේ වෙතත් එයාට SMS කොරන්න ප‍්රක්කු උනොත් පාඩුව මටමයි..රුපියල් 100ක වත් රණ්ඩු වෙයි… මොනව උනත් මේ අර්තයක් නැති ලිපියේ අර්තය මේකයි..අපිත් කූරිය ගහන්ව දවසක!
ම said
මම මේ කූරියා ගහනකම් බලාගෙන ඉන්නව ඒත් සමහර උඩ යන්න ඉන්න අය නොහිතන වෙලාවට කූරියා ගහන්වා.
මේ ජංජාලෙට ඇබ්බැහි උනාම අල්ලපු ගෙදර එකා ඉන්නවද මළාද දන්නේ නැහැ
malee said
ඔව්වා ඔහොම තමයි.. මැරෙනකම් ඉන්න එකේ අහල පහල උන් මැරුණා කියලා වැඩක් නෑ.. අප්පා.. මළ එකා මළා… අපි මැරිලා නැහැනේ.. හෙට උදෙත් නැගිටින්න ඕනි අපි..
කාලකන්නියා said
අන්න එතන තමයි ප‍්රශ්නෙ..හෙට උදයක් නැත්නම් කොච්ච‍්ර හොදද?නැත්නම් හෙට උදෙත් අද උදෙ වගෙම නම් කොච්ච‍්ර හොදද?ජීවිතේ හැමදාම මොකක් හරි අලුත් දෙයක් වෙනව..කවද වෙනකම් මේක ඉවසන්නද?ඇයි මරණය මෙච්චර ප‍්රක්කු?
ecH said
පිස්සු හැදෙයි… ඔයා මරණයේ මිතුරෙක්ද?
බ්ලොග් කියවනයට දාන්න අදහසක් නැද්ද?
කාලකන්නියා said
අපි හැමෝම මරණයේ මිතුරන් නෙද? :ඩී බ්ලොග් කියවනයට දාන්න ඉල්ලුම් කලා..තාම ප‍්රතිචාරයක් නෑ..