~සුළග එනු පිණිස~
Posted by කාලකණ්ණියා on March 5, 2009
කොහොම පටන් ගන්නද..හ්ම්ම්ම්ම්..තහනම් පින්තූරයක් උනාට මටත් මේක බලාගන්න හම්බුනා ටොරන්ට් වල පිහිටෙන්..ලියන්න හිතුනා ඒ වටිනා චිත්ත‍්රපටය ගැන වචනයක්..
හොද,ලස්සන,වටිනා කියන වචන තුනට විරුද්ද වචන කීයක් ලියන්න පුලුවන්ද?අන්න ඒ වචන හැම එකක්ම භාවිතා ක‍්රන්න පුලුවන් මෙ චිත්ත‍්රපටයේ ගුණ වණන්න ඒ තරම් ජුගුප්සාජනකයි..
මේ චිත‍්රපටය බලන්න ගත්තම මුලින්ම හිතට එන්නෙ මෙහෙම හැගීමක්..”මේ කෙහෙල්මල් ස්පීකර් දෙක කැඩිලද මන්ද” ඔව් විහිලු නෙවෙයි ඒහෙම තමයි හිතෙන්නෙ..මොකද ෆිල්ම් එක බීරන්ට හදපු එකක් වගේ..වෙන විදියක කියනව නම් ගොලුවන්ගෙ රගපාන එකක් වගෙ..මිනිසාගෙ සන්නිවේදනයේ මුලික පියවර/අඩිතාලම (කථනය) වත් ඒ ගමේ නෑ..
ඈනුම් ඇර ඇර මේ චිත‍්රපටය බලාගෙන යද්දි ඇගේ මාලු ගගේ නටන්න පටන් ගන්නව හමුදාවට ක‍්රන අපහාස කිරිම් දැකල.. මෙහිදී සම ලිංගිකත්වය (හමුදා ට‍්රක් රථයකදී ග්රාම නිලධාරියාට කරන හිරිහැර වලින්),අමානුශිකත්වය (ගැබිණි කාන්තාවක සමග ලිංගිකව හැසිරීමෙන්,සාමන්ය පුද්ගලයෙකු ලවා මිනීමැරුමක් කිරීමෙන්),මත්*ව්ය භාවිතය (වලක බැස ගංජා බොන දසුන් වලින්) වැනි සමාජයේ අසම්මත යැයි පිළිගන්නා සෑම දෙයකින්ම හමුදා කාරයන් ප‍්රිපූර්ණ යැයි පෙන්වයි..
තවදුරටත් චිත‍්රපටය බලාගෙන යාමේදී එම ගමේ සිටින සුලු පිරිසගේ මානසික අසහනය මැනවින් පෙන්වයි,මොවුන්ගේ එකම සතුට ලිංගික සතුට බව පෙන්වීමටත්,එය සාධාරණය කිරීමටත් විමුක්ති ජයසුන්දර මහතා චිත‍්රපටය මුල සිටම උත්සාහ දරා ඇත,මින් ජාත්යන්ත‍්රයට යන පණිවිඩය ලංකාව මානසික රෝහලක් බව නොවේද?
දැන් ලංකාවේ සම්භාව්ය චිත්ත‍්රපට කියන්නේ එය හදන මනුස්සයාටත් නොතේරෙන චිත‍්රපට වලට බව මගේ මතයයි..එ සදහා “අක්ෂරය” හා “සුළග එනු පිණිස” නිදසුන් සපයයි.
තවත් ගුණ වණනවා නම් එකම දර්ශනය අනවශ්ය ලෙස වැඩි වෙලාවක් පෙන්වාගෙන සිටීම(හමුදා ලොරි දෙකක් ගරාම ආරක්ශකයාගෙ ගෙදර ඉදිරිපිටදී මාරු වීම),කුඩා ළමයෙක් වැඩිහිටියන්ගේ ලිංගික හැසිරීම් බලා සිටීම වැනි දේ පෙන්වීම මගින් චිත‍්රපටයේ නිසරු බව වැඩි කර ඇත.
අද්යක්ශකවරයාට අවශ්ය වැඩකට නැති චිත‍්රපටයක් සාදන්නේ මෙහෙමයි කියා පෙන්වීමට නම් සුළග එනු පිණිස ඒ අතින් අති සාර්ථක නිමැවුමකි…
ecH said
මමනම් මේක බැලුවෙ තහනම් කරන්න කලින් හෝල් එකේ. මට නම් මේක චිත්‍රපටියක් විධියට ගොඩක් හොඳ නිර්මාණයක්. රූප සහ හඬ එක්ක සංස්කරණය තිබුණෙ අලුත්ම භාවිතයක. මම ඒ වගේ වෙනස් කම් වලට කැමතියි. මොනව වුණත් අන්තර්ගතය ගැන නම් එක එක්කෙතා එක එක කතා කියනව. ඒකෙ නම් ඒ හැටි දෙයකුත් නෑ තමයි.
අනික මේකෙන් පෙන්නන්නෙ ගමක් ගැන නෙවෙයි ලංකාව ගැන.
malee said
මම නම් ඉතිං බලලා නෑ.. හොද නරක කියන්න දන්නෙත් නෑ.. හැබැයි මේකට විමුක්තිට සම්මානයක් ලැබුනා නේද ? ජාත්‍යන්තර මට්ටමින්??
කාලකණ්ණියා said
ටොරන්ට් එකේ තිබ්බ මේක..පුලුවන් නම් බාගෙන බලන්න..මේක බලන්න වටිනව ලේ කෝප වෙන්නත් එක්ක! 😛
ම said
මාත් බැලුවා හෝල් එකේ. හැබැයි කියන්න තරම් දේයක් නැහැ උදාසීනයි..