~අපේ ආදරේ ඇඩ්වාන්ස්~
Posted by කාලකණ්ණියා on March 5, 2009
මගේ ජීවිතේ ගැන ලියන තැනක මගේ ආදරේ ගැන නොලිය බෑ නේ..හ්ම්ම්ම්..අවුරුදු 6ක කථාවක් තියනව කියන්න ඒ ගැන නම්…කමක් නෑ..ටොපික් එකට හ‍්රියන්න කියන්නම්කො මට හිතෙන හැටි….
හ්ම්ම්ම්…අපි දෙන්න යාලු වෙනකොට දෙන්නම මෙලො දෙයක් දන්නේ නෑ ඔය අකුරු 4 ගැන..අපි දෙන්න යාලු උනේ ආසන්න වශයෙන් මීට අවුරුදු 6කට කලින් මහ භයානක දවසක..එතකොට එයාට 13යි,මට 15යි…අපි යාලු උන හැටිත් හ‍්රිම රසවත් කතාවක්,ඒක මම පස්සෙ කියන්නම්කො..කාලයක් යනකොට තමයි තේරුනේ මේ මොන පිස්සුවක්ද අපි දෙන්නට වෙලා තියෙන්න කියල..විලි ලැජ්ජ නැතුව මම එයාට හුරතල් කතා කීයනව..අපොයි..මම හොදටම වෙනස් වෙලා…මේ දවස් වල තමයි අර මල් සිංදු රෑල්ලත් පටන් ගත්තේ,කවදත් කන් දෙක නිදහසේ තියාගන්න පුරුදු වෙලා හිටපු මම මල් සින්දුත් අහනව දැන්,අනාගතේ ගැන අපි ගහපු ප්ලෑන් වල සයිස් එක,…….. දැන් නම් ඒව මතක් වෙනකොටත් හිනාත් යනව..හ‍්රිම විකාරයි..ඔන්න ඔය කාලෙ ඉතින් ලව් එකේ ස්වර්ණමය යුගය කියතහැකි…ඔහොම අවුරුදු 3ක් විතර ගියා,දැන් සින්දු එපා වෙලා අලුත් විකාරයක් ඔලුවට ඇවිත්..කියන්න මොකද්ද වගේ..මම දැන් බොලද නවකථා පොත් කියවනව මිටි ගනන්..අප්පා ඒවයෙ තියන දේවල්,අබ්බගාත ලව්,කුඩ්ඩන්ට කරන ලව්,ගෙවල් වලින් පැනල යන එව,ගුටි කන ඒව,කෙල්ල මැරෙන ඒව,කොල්ල මැරෙන ඒව,බූට් තියෙන ඒව..එකම චක්ක‍්රෙ තමයි හැම පොතකම තියෙන්නෙ..ඕව කියව කියව තව අවුරුද්දක් විතර ගෙවුන,දැන් අපේ හුරතල් කතා ටිකක් අඩුයි,දැන් දෙන්නට දෙන්න යාලුවො වගෙ,කියවන්න දෙයක් නැති නිසා හම්බුනාම විහිලු කරගන්න එකමයි වැඩේ,දැන් දෙන්නම අනාගතෙ ගැන කතා ක‍්රන්න පස්ස ගහනව,හ‍්රියට හෙටක් නෑ වගෙ..
ඔන්න තව අවුරුද්දක් විතර ගියා,දැන් දෙන්නගෙ විහිලු කතාත් අඩුයි,හම්බුනාම කරන්නෙ කල්පනා කරන ඒක තමයි වැඩි හරියක්,දෙන්නගෙම විභාගත් ඉවරයි,දැන් තමයි අනාගතේ ගැන ඇත්තටම හිතන්න ගත්තේ,,කොහොම කොහොම හරි ගෙවල් වලින් කැමත්තත් හම්බුනා දෙන්නටම,දැන් තමයි අර මුල් කාලෙ කතා කරපුව,මැව්ව හීන හැබෑ වෙන කාලෙ,ඒ උනාට දැන් ඒ කාලෙ වගේ හුරතල් කථා නෑ,හීන හැබෑ වීම හිතන තරම් සුන්දර නෑ වගෙ..සාමාන්යයි හැම දේම…
ඔන්න ඔහොම නැගීම් බැහීම් එක්ක අපේ ආදරේ වර්ථමානයට ආව,දැන් අපි තේරුම් අරන් ඉන්නෙ හුරතල් කතා නැතුවත් බෑ කියල,ඒ නීසා අපි චුට්ටක් චුට්ටක් හුරතල් කතා කතා කරනව,යාලුවො වගේ ඉදලමත් බෑ කියලත් අපිට තේරුණා,ඒ නිසා අපි විහිලු ක‍්රගන්න එක අවස්තාවට උචිත විදියට සකසා ගත්ත,දැන් අපිට කතා ක‍්රන්න දේවල් වලිනුත් අඩුවක් නෑ,මොකද ඉස්ස‍්ර අපි ධනාත්මක අදහස් ගැන විතරයි කතා කලේ,දැන් යථාර්තය ගැන කතා කරන්න බය නෑ අපි..මේ තත්වෙට ඒන්න අවුරුදු ගානක් ගියා..දැන් මට හිතාගන්න පුලුවන් ස්ථායී උන පරමාණුවකට දැනෙන්නෙ කොහොමද කියල..කොහොම උනත් අවංකවම මට දැන් දැනෙනව අපේ ආදරේ ඇඩ්වාන්ස් කියල…
ecH said
මගේ වත්මන් ප්‍රේමය නම් පටන් අරන් මාස 6ක්වත් නෑ. අපි නම් මුලින් හම්බ වුණේ online. මුණ ගැහෙන්න කලින්ම අප දෙන්න අපි ගැන බොහොම දේවල් දැනගෙන හිටිය. ඒ නිසා අපිට අමුතුවෙන් නැලවිලි කාලයක් තිබුණෙ නෑ. මුල සිටම ඔය හැමදේම තිබුණ. බටර්, අච්චාරු, විහිළු, තරහ වීම්, මොන්ටිසෝරි යාම සහ පරිවර්තන කරපු පොත්වල චරිත එක්ක මුල සිටම අපේ ආදරෙත් ඇඩ්වාන්ස්.
කාලකණ්ණියා said
~~මගෙන් උඹට සුබ පැතුම් මචං~~
නිලන්ත said
එලකිරි
malee said
මේ කාලේ මේ වගේ ඇඩ්වාන්ස් ආදරයක් ගැන අහන්න ලැබෙන එකත් සතුටක් බැළු බැළු අත නාහෙන් අඩන අයනේ වැඩි… ගෙවුනු අවුරුදු 6 වෙනුවට දෙන්නටම තව අවුරුදු60 ක් නෙවෙයි ඊටත් වැඩි කාලයක් හරි ඔය යන විදියටම යන්න ලැබේවා සුභ පැතුම්…!
මගේ ආදර කථාව ඉතිං එච්ගේ වගේම තමයි..හික් හික්
කාලකණ්ණියා said
~බොහෝම ස්තුතියි,ඔයාගේ ආදර කථාවත් දිනෙන් දින සුන්දර වෙන්න කියල ප්රාර්ථනා ක‍්රනව~
සු said
කතාව ලස්සනයි. 6 ට 66 ක් ආ වඩා ආයිබෝ වේවා !
මට නම් මොනව කියන්නද කියල තවම තේරුමක් නැහැ 😉
ම said
මහපොළවේ පයගහගෙන ආදරේ කරනකොට ලව් එක මල ඉලව්වක් අප්පා
ආරි... said
මගේ එකත් එහෙම තමයි.දැන් අවුරුදු තුනක් විතර වෙනවා.හෙනම ඇඩ්වාන්ස්..මේ දවස් වල අපි කතාකරන්නෙ සැලලිහිණි සංදේශයේ එන විධායක හා විවස්තාදායක අර්බුධය හමුවේ ප්‍රග්ධන සැපයුම තුලින් කාබනික රසායනයේ ලිංගික ප්‍රජනනය හා අයින්ස්ටයින්ගේ ක්වොන්ටම්වාදය ගැන….
බැදලා බබාලා දෙන්නෙකුත් ඉන්නවා.දෙවෙනි බබාට ඉදුල්කට ගෑවුවෙ ගිය සුමානේ…හැබැයි එයා තාම දන්නෙ නෑ.ඒක පාර්ශ්විකයි!!!!
කාලකණ්ණියා said
දෙයියනෙ!! ඔබතුමා අනුගමනය ක‍්රන්නෙ හරිම සංකීර්ණ ප්ලෑන් එකක්නේ!
ආරි... said
හ්ම්ම්…මචං, පුළුවන්නම් මට ඔය කාලකණ්ණියයි කියන වචනය ටික දවසකට තරහානැතුව දියන්කො.ඕනෙම නම් සල්ලිත් දෙන්නම්!!!!
කාලකණ්ණියා said
~මචෝ මේක මගේ දයිවයෙන්ම මට ලැබුන නමක්..මේක වෙනස් කරල දෙනව නම් මම උඹට සල්ලි දෙන්නම්~ 😀