මගේ ජීවිතේ ගැන ලියන තැනක මගේ ආදරේ ගැන නොලිය බෑ නේ..හ්ම්ම්ම්..අවුරුදු 6ක කථාවක් තියනව කියන්න ඒ ගැන නම්…කමක් නෑ..ටොපික් එකට හ්රියන්න කියන්නම්කො මට හිතෙන හැටි….
හ්ම්ම්ම්…අපි දෙන්න යාලු වෙනකොට දෙන්නම මෙලො දෙයක් දන්නේ නෑ ඔය අකුරු 4 ගැන..අපි දෙන්න යාලු උනේ ආසන්න වශයෙන් මීට අවුරුදු 6කට කලින් මහ භයානක දවසක..එතකොට එයාට 13යි,මට 15යි…අපි යාලු උන හැටිත් හ්රිම රසවත් කතාවක්,ඒක මම පස්සෙ කියන්නම්කො..කාලයක් යනකොට තමයි තේරුනේ මේ මොන පිස්සුවක්ද අපි දෙන්නට වෙලා තියෙන්න කියල..විලි ලැජ්ජ නැතුව මම එයාට හුරතල් කතා කීයනව..අපොයි..මම හොදටම වෙනස් වෙලා…මේ දවස් වල තමයි අර මල් සිංදු රෑල්ලත් පටන් ගත්තේ,කවදත් කන් දෙක නිදහසේ තියාගන්න පුරුදු වෙලා හිටපු මම මල් සින්දුත් අහනව දැන්,අනාගතේ ගැන අපි ගහපු ප්ලෑන් වල සයිස් එක,…….. දැන් නම් ඒව මතක් වෙනකොටත් හිනාත් යනව..හ්රිම විකාරයි..ඔන්න ඔය කාලෙ ඉතින් ලව් එකේ ස්වර්ණමය යුගය කියතහැකි…ඔහොම අවුරුදු 3ක් විතර ගියා,දැන් සින්දු එපා වෙලා අලුත් විකාරයක් ඔලුවට ඇවිත්..කියන්න මොකද්ද වගේ..මම දැන් බොලද නවකථා පොත් කියවනව මිටි ගනන්..අප්පා ඒවයෙ තියන දේවල්,අබ්බගාත ලව්,කුඩ්ඩන්ට කරන ලව්,ගෙවල් වලින් පැනල යන එව,ගුටි කන ඒව,කෙල්ල මැරෙන ඒව,කොල්ල මැරෙන ඒව,බූට් තියෙන ඒව..එකම චක්ක්රෙ තමයි හැම පොතකම තියෙන්නෙ..ඕව කියව කියව තව අවුරුද්දක් විතර ගෙවුන,දැන් අපේ හුරතල් කතා ටිකක් අඩුයි,දැන් දෙන්නට දෙන්න යාලුවො වගෙ,කියවන්න දෙයක් නැති නිසා හම්බුනාම විහිලු කරගන්න එකමයි වැඩේ,දැන් දෙන්නම අනාගතෙ ගැන කතා ක්රන්න පස්ස ගහනව,හ්රියට හෙටක් නෑ වගෙ..
ඔන්න තව අවුරුද්දක් විතර ගියා,දැන් දෙන්නගෙ විහිලු කතාත් අඩුයි,හම්බුනාම කරන්නෙ කල්පනා කරන ඒක තමයි වැඩි හරියක්,දෙන්නගෙම විභාගත් ඉවරයි,දැන් තමයි අනාගතේ ගැන ඇත්තටම හිතන්න ගත්තේ,,කොහොම කොහොම හරි ගෙවල් වලින් කැමත්තත් හම්බුනා දෙන්නටම,දැන් තමයි අර මුල් කාලෙ කතා කරපුව,මැව්ව හීන හැබෑ වෙන කාලෙ,ඒ උනාට දැන් ඒ කාලෙ වගේ හුරතල් කථා නෑ,හීන හැබෑ වීම හිතන තරම් සුන්දර නෑ වගෙ..සාමාන්‍යයි හැම දේම…
ඔන්න ඔහොම නැගීම් බැහීම් එක්ක අපේ ආදරේ වර්ථමානයට ආව,දැන් අපි තේරුම් අරන් ඉන්නෙ හුරතල් කතා නැතුවත් බෑ කියල,ඒ නීසා අපි චුට්ටක් චුට්ටක් හුරතල් කතා කතා කරනව,යාලුවො වගේ ඉදලමත් බෑ කියලත් අපිට තේරුණා,ඒ නිසා අපි විහිලු ක්රගන්න එක අවස්තාවට උචිත විදියට සකසා ගත්ත,දැන් අපිට කතා ක්රන්න දේවල් වලිනුත් අඩුවක් නෑ,මොකද ඉස්ස්ර අපි ධනාත්මක අදහස් ගැන විතරයි කතා කලේ,දැන් යථාර්තය ගැන කතා කරන්න බය නෑ අපි..මේ තත්වෙට ඒන්න අවුරුදු ගානක් ගියා..දැන් මට හිතාගන්න පුලුවන් ස්ථායී උන පරමාණුවකට දැනෙන්නෙ කොහොමද කියල..කොහොම උනත් අවංකවම මට දැන් දැනෙනව අපේ ආදරේ ඇඩ්වාන්ස් කියල…
Archive for the ‘~උත්තම පුරුෂ ඒක වචනය ගැන~’ Category
~අපේ ආදරේ ඇඩ්වාන්ස්~
Posted by කාලකණ්ණියා on March 5, 2009
Posted in ~උත්තම පුරුෂ ඒක වචනය ගැන~, ~විකාර සිතිවිලි~ | 11 Comments »
ඇයි?මම?බ්ලොග් එකක්?
Posted by කාලකණ්ණියා on March 4, 2009
හ්ම්ම්..මට නිකන් හිතුන ඇයි මම බ්ලොග් එකක් ලියන්න හිතුවෙ කියන්න..ඔන්න ඊයේ රෑ මම කල්පනා කලා වෙනද කල්පනා ක්රනව වගේම,මට වෙන ක්රන්න වැඩක් තිබ්බෙත් නැති නිසා..ඒතකොට තමයි මෙ බ්ලොග් එකක් ලියන අදහස මගේ ඔලුවට අවේ,ඒත් ලියන්න තරම් රසවත් දෙයක් තියනවද කියල මම මොහොතකට හිතුව,නෑ රසවත් කතාවක් නෑ මා ලග,නීරස කතා තමයි තියෙන්නෙ,,එහෙනම් ඇයි මම ඒව ලියන්නේ?කවුරුවත් මෙව කියවයිද?
හ්ම්ම්ම්..කියෙව්වත් නැතත් මට මොකො..මම ලියනව..ඔන්න හිතට ගට අරගෙන මම හා හා පු පුරා කියල මැෂිම ලගට ඇවිත් ගූගල් ඒකේ ගැහුව වර්ඩ්ප්‍රෙස් කියල..එතකොටම ඩෝන් ගාල සද්දයක් ආව..පොඩ්ඩකින් මට තේරුනා ටොම්බ අකුණක් ගැහුව කියල,තව පොඩ්ඩෙන් මගෙ මැෂිමටත් බඩු බනිස්..ඒත් එක්කම මට මගේ කාලකන්නි කම මතක් උනා,ඒක අනුමත කරමින් ලයිට්ත් ගියා,මට හයියෙන් අඩන්න තරම් සතුටුයි,මම වලක් කැපුවොත් ඒකෙත් ගෙම්බෙක්!!
මම කලුවරේ ඇදට ගියා,දැන් මහ වැස්ස,කල්පනා කලා මොනවද ලියන්නේ කියල,,ඔව් දැන් මට තියනව ලියන්න දෙයක්,අර වාසනාවන්ත අකුණ තමයි මට ඒක මතක් කලේ,නීරස රසවත් දෙයක්!මගේ ජීවිතේ..ඊට වඩා හොද දෙයක් නෑ..මම ලියනව ඒ ගැන..ඊලගට මතක ඉර පායල තියෙන බව විතරයි,අඩො මට නින්ද ගිහින්..ඔව් උදේ වෙලා..මම ඇහැරුනා..ආව මැෂිම ලගට..පටන් ගත්ත වැඩේ………
මතු සැබැදි…
Posted in ~උත්තම පුරුෂ ඒක වචනය ගැන~ | 2 Comments »
~මගෙ පළවෙනි පෝස්ට් එක~
Posted by කාලකණ්ණියා on March 4, 2009
මේ මගෙ පළවෙනි පෝස්ට් එක..මට හිතාගන්න බෑ මොනව කොටන්නද කියල..කොහොම උනත් මෙතනට ආපු එකට ස්තුතියි..හැබැයි ඔයාල ඇවිත් තියෙන්නෙ අන්තර්ජාලයේ තියන වැඩකටම නැති තැනටද මන්ද..මම නිර්මාණශීලී අදහස් තියන කෙනෙකුත් නෙවේයි,මට විශේෂ දක්ෂ කමකුත් නෑ මේලෝ මගුලකට,අසාර්තක ආත්මයක් කියල කෙටියෙන් කියන්නත් බැරි නෑ,අනේ මන්ද..මගේ මේ වැඩකට නැති ජීවිතේ ගෙවෙන හැටි ඔයාලට මෙතනින් කියවන්න පුලුවන්,එක මහ කම්මැලි වැඩක් වගේ දැනෙනව නම් මට කියන්න(ඔයාල සාමන්‍ය අය නම් එගෙම දැනෙන්නත් ඕන)..හ්ම්ම්ම්..තව වැල් වටාරම් ඔන නෑ මම කවුද කියල කියන්න..තනි වචනෙන් කියනව නම් මම මහම මහ කාලකන්නියෙක්!
Posted in ~උත්තම පුරුෂ ඒක වචනය ගැන~ | 6 Comments »