අනේ මන්ද!

~~කාලකන්නියෙකුගේ බ්ලොග් සටහන්~~

ඇයි?මම?බ්ලොග් එකක්?

Posted by කාලකණ්ණියා on March 4, 2009

හ්ම්ම්..මට නිකන් හිතුන ඇයි මම බ්ලොග් එකක් ලියන්න හිතුවෙ කියන්න..ඔන්න ඊයේ රෑ මම කල්පනා කලා වෙනද කල්පනා ක‍්රනව වගේම,මට වෙන ක‍්රන්න වැඩක් තිබ්බෙත් නැති නිසා..ඒතකොට තමයි මෙ බ්ලොග් එකක් ලියන අදහස මගේ ඔලුවට අවේ,ඒත් ලියන්න ත‍රම් රසවත් දෙයක් තියනවද කියල මම මොහොතකට හිතුව,නෑ රසවත් කතාවක් නෑ මා ලග,නීරස කතා තමයි තියෙන්නෙ,,එහෙනම් ඇයි මම ඒව ලියන්නේ?කවුරුවත් මෙව කියවයිද?
හ්ම්ම්ම්..කියෙව්වත් නැතත් මට මොකො..මම ලියනව..ඔන්න හිතට ගට අරගෙන මම හා හා පු පුරා කියල මැෂිම ලගට ඇවිත් ගූගල් ඒකේ ගැහුව වර්ඩ්ප‍්රෙස් කියල..එතකොටම ඩෝන් ගාල සද්දයක් ආව..පොඩ්ඩකින් මට තේරුනා ටොම්බ අකුණක් ගැහුව කියල,තව පොඩ්ඩෙන් මගෙ මැෂිමටත් බඩු බනිස්..ඒත් එක්කම මට මගේ කාලකන්නි කම මතක් උනා,ඒක අනුමත ක‍රමින් ලයිට්ත් ගියා,මට හයියෙන් අඩන්න ත‍රම් සතුටුයි,මම වලක් කැපුවොත් ඒකෙත් ගෙම්බෙක්!!
මම කලුව‍රේ ඇදට ගියා,දැන් මහ වැස්ස,කල්පනා කලා මොනවද ලියන්නේ කියල,,ඔව් දැන් මට තියනව ලියන්න දෙයක්,අර වාසනාවන්ත අකුණ තමයි මට ඒක මතක් කලේ,නීරස රසවත් දෙයක්!මගේ ජීවිතේ..ඊට වඩා හොද දෙයක් නෑ..මම ලියනව ඒ ගැන..ඊලගට මතක ඉර පායල තියෙන බව විත‍රයි,අඩො මට නින්ද ගිහින්..ඔව් උදේ වෙලා..මම ඇහැරුනා..ආව මැෂිම ලගට..පටන් ගත්ත වැඩේ………
මතු සැබැදි…

2 Responses to “ඇයි?මම?බ්ලොග් එකක්?”

  1. said

    රස ගැන හිතන්නේ නැතුව ලියපන් බන් අපි කියවනවනේ

  2. malee said

    එළ

Leave a comment